අවුරුදු බලා ගමේ ගිය, කොළඹ එන ඔබ සදහාම විශේෂ වාසියක් මෙන්න - අද සිට ක්‍රියාත්මකයි..

colombo sri lanka special buses Sri lanka sinhala news today trending news
By krishani Apr 15, 2022 04:33 AM GMT
krishani

krishani

Report

අළුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් රථ සේවා අද(15) සිට ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 200 ක් පමණ ධාවනයට එක් කිරිමට නියමිතව ඇති බවය.

කොළඹ බලා පැමිණීමේ ගමන්වාර සඳහා පෞද්ගලික අංශයේ බස් රථ ද ධාවනයට එක් කර ඇති අතර ඉන්ධන ලබාදීමේ කටයුතු ලංකා ගමනා මණ්ඩලයේ ඩිපෝ හරහා සිදුකෙරෙන බව එම මණ්ඩලය පැවසීය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට ලබන 17 වැනිදා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join