අනුරාධපුර බලා ගමන්කරන ඔබට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Report

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා අද (11) ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

ඒ අනුව, ලබන ජුනි 13 වන දින දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

මේ අතර, විශේෂ බස් රථ සේවාව ද අද දිනයේ ක්‍රියාත්මක වන අතර, ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා කොළඹ සිට අතිරේක බස් රථ 200ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (SLTB) පවසයි.

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා සියලු අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, පරිසර සංරක්ෂණය උදෙසා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී, ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප භාවිත කරන ලෙස සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බවත් පොසොන් උත්සව කමිටුවේ සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රන් මිල උණුසුම් වෙයි - දැන්ම බලන්න - ඔබට කොහොම බලපායිද?

රන් මිල උණුසුම් වෙයි - දැන්ම බලන්න - ඔබට කොහොම බලපායිද?