මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි
රජයේ මුස්ලිම් පාසල්වල පළමු වාරය අවසන් වී ඇති හෙයින්, එළඹෙන 26 සහ 27 යන දිනවල නිවාඩු ලබාදීමට නියමිතව තිබුණි.
නමුත් එම දින දෙකේ (26 සහ 27) සාමාන්‍ය පරිදි පාසල් කටයුතු පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් අංශයේ අධ්‍යක්ෂ මේජර් ටි. එන්. නසුමුදීන් මහතා දැනුම් දී ඇත.
ඒ වෙනුවට, 2025 ජුනි 6 සහ 2025 ජුනි 9 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
