ගින්නක් .දේපළ වලට බරපතල හානි

Report

අද අලුයම වැලිගම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.   

අදාළ ගිනි ගැනීම හේතුවෙන් කර්මාන්තශාලාවේ යන්ත්‍ර ඇතුළු දේපළ වලට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

ගිනි ගැනීමේ තත්වය ආරංචි වූ වහාම වැලිගම මුලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර ගිනි නිවිමට අවශ්‍ය සහයෝගය ද පොලීසිය විසින් ලබා දී ඇත.   

මේ දෙක සම්පුර්ණ කළ යුතුමයි... IMF තවත් හිර කරයි???

මේ දෙක සම්පුර්ණ කළ යුතුමයි... IMF තවත් හිර කරයි???

මාතර නගර සභාවෙි ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි වාර්තා වී ඇත්තේ .

අදාළ ගිනි ගැනීමට හේතුව තවමත් වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ .