අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව අද (03) දින ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය 04 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි.
අඳාළ නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වන ලෙස සඳහන්.
එසේම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව පවසයි.
