බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්
By Kaushi
මෙරට බැංකු ගණනාවක්, නිල බැංකු වෙබ් අඩවි අනුකරණය කරමින් පෞද්ගලික හා මූල්‍ය තොරතුරු සොරකම් කරන වංචනික වෙබ් අඩවි සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වන මෙන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි
ඒ අනුව මෙම සතියේ නිකුත් කළ නිවේදනවලට අනුව, වංචාකරුවන් ඊමේල් හා කෙටි පණිවිඩ ඔස්සේ ව්‍යාජ වෙබ් අඩවිවල සබැඳි යවමින්, වෙනස් කළ අක්ෂර වින්‍යාස හෝ අසාමාන්‍ය අක්ෂර සහිත එම අඩවිවලට පරිශීලකයන් යොමු කරන බව සඳහන්.
එනිසා බැංකු මඟින් උපදෙස් දී ඇත්තේ, එවැනි සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම ඒ වෙනුවට නිල වෙබ් ලිපින සෘජුවම බ්‍රව්සරයේ ටයිප් කරන ලෙසත් පවසයි.
තවද පිවිසුම් අක්තපත්‍ර වැනි සංවේදී තොරතුරු ඇතුළත් කිරීමට පෙර URL ලිපිනය ප්‍රවේශමෙන් සත්‍යාපනය කර, සැක සහිත ඕනෑම ක්‍රියාකාරකමක් වහාම බැංකුවට වාර්තා කළ යුතු බවද බැංකු අවධාරණය කර සිටියි.