පින්නවල අලි අනාථාගාරය පිළිබඳව විශේෂ දැනුම්දීමක්
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නෑවීමට මා ඔය වෙත රැගෙන යාම තාවකාලිකව නවත්වා තිබුණි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මා ඔය ප්‍රදේශයේ ජලය බොරවීම, ජලය සමඟ පැමිණ තිබූ වැලි සහ රොන් මඩ එක්වීම, අලි ඇතුන් නාවන ස්ථානය යටවීම, එම වැලි අතර අලි ඇතුන්ට අනතුරුදායක වීදුරු කැබලි සහ යකඩ කැබලි රැඳී පැවතීම නිරීක්ෂණය වී තිබුණි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අලි ඇතුන්ගේ ආරක්ෂාව උදෙසා පින්නවල අලි අනාථාගාරය මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම තාවකාලිකව සීමා කිරීමට කටයුතු කළ බවද සඳහන් වේ.
පසුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් භාවිතා කරමින්, මා ඔය අලි නාවන ස්ථානයේ රැඳී තිබූ වැලි සහ අනෙකුත් අපදව්‍ය ඉවත් කර පිරිසිදු කිරීම සිදු කරන ලදී.
ඒ අනුව, 24 වැනිදා සිට අලි ඇතුන් සාමාන්‍ය වේලාවන්හිදි මා ඔය වෙත රැගෙන යාම නැවත ආරම්භ කර තිබේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් කර ඇත.