සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්...අද ඉඳලා ශ්‍රීපාදයට යන්න බෑ..

Report

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගිනිගත්හේන, දියගල ඔස්සේ නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් නිසා එම මාර්ගය දින 10 ක් යනතුරු වසා තැබෙන බව ප්‍රකාශ කරයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ පාලමක් ගිලා බැසීමේ අවදානමක් නිසා අඳාළ මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට බව සඳහන්.

අද (14) දින සිට ජුනි මස 24 වන තෙක් ලෙස දින 10ක් මෙසේ එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇති බව පවසයි.

නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට පවසා ඇත්තේ මාර්ගය වසා තබන කාලය ඇතුළත කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන ඔස්සේ නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙසයි.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

මෙසේ නව පාලමක් ඉදිකිරීමට වී ඇත්තේ එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබෙන පාලම දැඩි ලෙස අබලන්ව තිබීමයි.

එසේම එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමට තිබෙන අවධානමක් නිසයි.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ අඳාළ පාලම වසර 04ක සිට දැඩි ලෙස අබලන්ව පවතින බවයි.

එමෙන්ම පවතින වර්ෂාව නිසා එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් පවතින බවද ඔවුන් පවසයි.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..