කොළඹ ජනතාවට හදිස්සි නිවේදනයක්
By R.rishma
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් අද(25) කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම මණ්ඩලය පවසන පරිදි, අද පෙරවරු 8:00 සිට රාත්‍රී 8:00 දක්වා පැය 12ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කොළඹ 1 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවෙනු ඇත.