කැනඩා කථානායක ඉල්ලා අස්වෙයි.
By Hashini
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ යුක්‍රේනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ 98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් වෙනුවෙනි.
අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි.
මේ අතර, කැනඩා කථානායක ඇන්තනී රොටා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව ද වාර්තා වන්නේ යුරොස්ලොව් හුන්කා යුද විරුවකු ලෙස හඳුන්වා දුන් බැවිනි.