එතකොට ඒ කතාව ඇත්තක්ද?.. කථානායකගේ උපාධි කතාව ගැන කථානයකම කතා කරයි ..

Parliament of Sri Lanka Sri Lanka Ashoka sapumal rangwalla
By Piyumika Dec 07, 2024 01:45 AM GMT
Piyumika

Piyumika

Report

බුකිය රත් කළ උපාධි කතාවට කතානායක දුන් පිළිතුර (වීඩියෝ) කථානායක ආචාර්ය අසෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිර සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තැබීමත් සමග ඒ සම්බන්ධයෙන් කතාබහක් මතුවී තිබෙනවා.

කෙසේවෙතත් කථානායක ආචාර්ය අසෝක රන්වලගෙන් කළ විමසීමකදී  සඳහන් කර තිබුනේ  තමන්ට සහ සිය පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා සිදුකරන බවයි.

මෙරට 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ආචාර්ය අසෝක රන්වලයි.

අරුම පුදුම පුවතක් ලොව වයස්ගතම කිරිල්ලිය වසර හතරකට පසුව නව පදවියකට..(PHOTO)

අරුම පුදුම පුවතක් ලොව වයස්ගතම කිරිල්ලිය වසර හතරකට පසුව නව පදවියකට..(PHOTO)

කෙසේ වෙතත් කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් මතුව තිබෙනවා.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිර  ෆෙස්බුක් ගිණුමේ සටහන

රන්වල පරික්ෂාව..

ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේනම් කථානායක අසෝක රන්වලගේ උපාධිය පිළිබඳ තත්ත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුයි.

නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. රන්වල මෙහිදී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සඟවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි.

දෙවැනි වරදපළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා ආවරණ හා අනෙකුත් ශරීර අවයව සඳහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි...

නැහීගෙන උස්මහත් කරාට පස්සේ ..දුන් ලේ කිරි වල ප්‍රමාණය හොයපු දරුවන් පහක්...

නැහීගෙන උස්මහත් කරාට පස්සේ ..දුන් ලේ කිරි වල ප්‍රමාණය හොයපු දරුවන් පහක්...

මේ අතර කථානායකවරයාගේ උපාධිය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ කථානායකවරයාට උපාධියක් ඇත්නම් එය සනාථ කරන ලෙසයි.

එතකොට ඒ කතාව ඇත්තක්ද?.. කථානායකගේ උපාධි කතාව ගැන කථානයකම කතා කරයි .. | Speaker Ashoka S Answer About His Degree

අදාළ චෝදනා වලටමේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යාවශ්‍ය නොවන බවත් තමන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත්, ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


You may like this video

ReeCha