ඉන්ධන මිලට කුමක් වෙයි ද ?එකවරම ගත් තීරණය මෙන්න..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.
ලංකා තෙල් නීතිගත සංස්ථාව(CPC) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් වෙනම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටුවනු ඇති බවයි, සිය X ගිණුම හරහා සටහනක් තබමින් ඇමතිවරයා සඳහන් කළේ.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බව ද අමාත්‍යවරයා සිය සටහන මගින් දන්වා තිබේ.
ඊයේ (25) දිනයේ දී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පවත්වා තිබීම ද විශේෂත්වයක්.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        