පාසැල් වෑන් රථ ගාස්තු ඉහළ යයිද?? පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට නිවේදනයක්
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසන්නේ ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති නමුත්, දෙමාපියන්ට තවදුරටත් බරක් පැටවීමේ අපේක්ෂාවක් නොමැති බව සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.
එමෙන්ම, ඩීසල් මිල අඩු කිරීමට හැකි වුවහොත් එම සහනය පාසල් ළමුන්ගේ දෙමාපියන් වෙත ලබාදීමට හැකි බවද ඔහු සඳහන් කළේය
“ඩීසල් මිල වැඩි කළත් අපි පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් නම් ඩීසල් මිල කීයකින් හරි අඩු කරලා දෙන්න. එහෙම වුණොත් ඒ සහනය දෙමාපියන්ට ලබාදෙන්න අපට පුළුවන්” යනුවෙන් මල්ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගම් මත දෙකක සිටින අතර, එක් පාර්ශ්වයක් පවසන්නේ ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත්, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව අනිවාර්යයෙන් ඉහළ දැමිය යුතු බවයි.