දිවයින පුරා පාසල් 10026 වැසෙයි..අපේ සුබ ආරංචිය දිහා බලන්න..

Ministry of Education Strike Sri Lanka Sri Lankan Schools Education
By Aruna Jun 26, 2024 05:11 AM GMT
Aruna

Aruna

Report

අද(26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

මේ අනුව, අද දිනයේදී පැවැත්වෙන වර්ජනය පිලිබදව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අදහස් දැක්වීමක් සිදු කළා.

"අද පාසල් 10026 වහලා තියෙන්නේ. ගුරු වැටුප් තුනෙන් දෙක ලබා දෙන්න. දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කරන්න. විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න.

අධ්‍යාපනය පෞද්ගලිකරණය නවත්තන්න. සුබෝධිනි කමිටු වාර්තාවක් ඉදිරිපත් කරා ඩලස් විමල් මහින්ද ප්‍රසන්න යන අයගේ ප්‍රධානත්වයෙන් කමිටු වාර්තාව අනුව තුනෙන් එකක් දුන්නා.

නැවත අනුමත කරන්න දෙයක් නෑ ඉතුරු තුනෙන් දෙක දෙන්න ඒ ඇමතිවරු තවමත් ඉන්නවා පක්ෂ විපක්ෂ වල කමිටු වාර්තාවේ තියෙන්නේ.

මාස හයකින් පිළිතුරු දෙන්න අද වෙනකොට වසර 10 ගිහින් තවමත් ක්‍රියාත්මක වෙලා නෑ ආණ්ඩුව කියන්නේ ලබන වසර වෙනකම් ඉන්න කියලා අපි කියන්නේ ගුරු විදුහල්පති වරු දීලා තියෙන පණිවිඩය තේරුම් ගන්න ඒ අනුව අපිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

අපි පාසල් කාලයෙන් පස්සේ අපි වර්ජන කරා සාකච්චා කරා දරුවන්ට අසාදාරනයක් නොවෙන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

ඒවා පැත්තකට දාලා මේ අය වෙන වෙන දේවල් කර කර හිටියා.

අපි කියන්නේ ඔයාලගේ සුභ ආරංචිය නෙවෙයි අපේ සුභ ආරංචිය දිහා බලන්න.