හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි
ස්පේස්එක්ස් සමාගමේ මිනිසුන් රැගෙන යන පස්වැනි ඩ්‍රැගන් (Dragon) අභ්‍යවකාශ යානය අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12:01ට අභ්‍යවකාශයට පිටත් විය.
මෙම ගමනට එක්ව සිටින ගගනගාමීන් සිව්දෙනා අතර, ඉන්දියාවේ ෂුභාන්ෂු ෂුක්ලා කපිතාන්වරයාද සිටී. ඔහු, 1984 දී අභ්‍යවකාශයට ගිය රාකේෂ් ෂර්මා පසුබැසීමෙන් 40 වසරකට පසු අභ්‍යවකාශය තරණය කරන දෙවැනි ඉන්දීය ජාතිකයා වෙයි.
මෙහෙයුම සිදුකෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Pad 39A සිටය. මෙය 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් සඳට ගිය අපූරු ගමන ආරම්භ වූ සංකීර්ණයද වීම විශේෂත්වයකි.
මෙම මෙහෙයුම "Axiom Mission 4 (Ax-4)" ලෙස නම් කර ඇති අතර, එය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් ක්ෂේපණය කරන ලදී.
ඉන්දීයා වැනිව අමෙරිකාව, පෝලන්තය සහ හංගේරියාව නියෝජනය කරන ගගනගාමීන්ද මෙයට එක්ව සිටී.