නිරිත දිග මෝසම ලංකාවට කඩා වදී - ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය තවත් දරුණු වෙයි

Report

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලීසිං සහ වාහන ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් හෙට සිට තද නීති

ලීසිං සහ වාහන ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් හෙට සිට තද නීති

  

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අනාවැකියේ දැක්වේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

"ඒක පැහැදිලි මිනීමැරුමක්" - කපිල චන්ද්‍රසේනගේ නඩුවේදී පොලිසිය අල්ලපු අය වෙනස්? රටම හොල්ලන ඇත්ත මෙන්න

"ඒක පැහැදිලි මිනීමැරුමක්" - කපිල චන්ද්‍රසේනගේ නඩුවේදී පොලිසිය අල්ලපු අය වෙනස්? රටම හොල්ලන ඇත්ත මෙන්න