නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

Report

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

එමෙන්ම උතුරු පළාතේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

"ලයිට් කපන එක නතර කරලා බිල වැඩි කරද්දී මට දැනුණු බය..." - මහින්ද අමරවීර එදා කැබිනට් රහස් එළියට දමයි

"ලයිට් කපන එක නතර කරලා බිල වැඩි කරද්දී මට දැනුණු බය..." - මහින්ද අමරවීර එදා කැබිනට් රහස් එළියට දමයි

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට අද පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිවේදනය කර ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

"ක්‍රිකට් පුටුවෙන් ආණ්ඩුකාර පුටුව ලෑස්ති වෙයි..." - ධුරය ඉරාන් වික්‍රමරත්නට?

"ක්‍රිකට් පුටුවෙන් ආණ්ඩුකාර පුටුව ලෑස්ති වෙයි..." - ධුරය ඉරාන් වික්‍රමරත්නට?