"ක්‍රිකට් පුටුවෙන් ආණ්ඩුකාර පුටුව ලෑස්ති වෙයි..." - ධුරය ඉරාන් වික්‍රමරත්නට?

Report

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් මගින් ඊයේ (17) ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, පුරප්පාඩු වීමට නියමිත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා එරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් 29 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරය භාරගෙන තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් ඔහුගේ පත්වීම පිළිබඳව දේශපාලන සම්බන්ධතාවය හේතුවෙන් කනස්සල්ල පළ කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මාස තුනක් ඇතුළත ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට නියමිත අතර එහිදී වෙනස්කම් සිදුවිය හැකි බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම පසුබිම තුළ, ආණ්ඩු පක්ෂය තුළින්ම ඉරාන් වික්‍රමරත්න මහතාට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ. 

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි