අධිවේගී මාර්ගයේ ටිකට් නැතිව ඇතුළු වෙන්න පුළුවන්..හේතුව මෙන්න..

Police spokesman Government Employee Southern Province Highways In Sri Lanka
By Aruna Jun 28, 2024 02:44 AM GMT
Aruna

Aruna

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පවසනවා.

ටිකට්පත් නිකුත් කරන සේවකයන්ගේ හිඟයක් ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ටිකක් පත් නිකුත් නොකරද එම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට බාධාවක් නොමැති බවයි දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ.

බස් රථයක් සහ දුම්රියක් මුහුණට මුහුණ ගැටෙයි..06ක් මරුට..දුම්රිය රියදුරුට බරපතලයි.(PHOTOS)

බස් රථයක් සහ දුම්රියක් මුහුණට මුහුණ ගැටෙයි..06ක් මරුට..දුම්රිය රියදුරුට බරපතලයි.(PHOTOS)


එලෙස අතුරුගිරිය පිවිසුමෙන් ඇතුළු වූ බව පිටවීමේ පර්‍යන්තයේදී පැවසීමෙන් අනතුරුව මුදල් ගෙවීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ පර්‍යන්තයේදී මුදල් අයකිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පැවසෙන්නේ.

මෙම සේවක හිඟය මෙම සතිය තුළ පියවීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි සේවයේ නියුතු මුදල් අයකැමිවරුන් 22 සේවය පසුගියදා අත්හිටු වූ බවයි.

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..


පසුගිය ජනවාරි හා පෙබරවාරි මාස වල මෙම මූල්‍ය වංචාව සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.