මෝටර් රියක් අධිවේගයේ ගිණිගත් හැටි මෙන්න.
Accident
Southern high way
Pinnaduwa
By Aruna
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටරයේ දී කුඩා ප්‍රමාණයේ කාර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇති බව අධිවේගී මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.
මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත.
ඔහු අද උදැසන කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගි මාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ ඇත.
පසුව මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා මෝටර් රථයෙන් බැස ඇත.
ඉන්පසු එකවරම දුම වැඩිවී මෝටර් රථය ගිණිගෙන ඇත.
මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.
අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |