දක්ෂිණ අධිවේගයේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය.

Sri Lanka Police Sri Lanka
By krishani Jul 25, 2023 03:44 PM GMT
krishani

krishani

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් අණ නොතකා ඇතුළු වී ධාවනය කළ පුද්ගලයෙකුට දඩ නියම කර තිබෙනවා.

ඒ පනස්දෙදහස් පන්සියයක දඩ මුදලක් වන අතර රියැදුරු බලපත්‍රය ද වසරකට අත්හිටුවා ඇත.

මෙසේ දඩ නියම වූයේ මතුගම නාරවිල පදිංචි පුද්ගලයෙකුට වේ.

පසුගිය දිනෙක රාත්‍රි ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හුවමාරුවේ මාතර දෙසට ඇතුළුවන දොරටුවෙන් දක්ෂිණ අධිවේගයට යතුරුපැදිය ඇතුළු කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ය.

එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් ය.

කෙසේ වෙතත්, පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ යතුරුපැදිකරු බීමත්ව සිට ඇති බවයි.

ReeCha