දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්!
By Dilasha
දකුණු කොරියාවේ ලැව්ගින්නෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කරමින් සදහන් කරයි.
ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින අතර ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.
දුරකථන අංක - 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් ඇති අතර සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.