දකුණු කොරියාවේ ලැව් ගිනි! ජීවිත 19ක් බිලි වෙයි

By Dilasha Mar 26, 2025 04:55 AM GMT
Report

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බවත් වසර 1300ක් පැරණි විහාරස්ථානයක්ද ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

දකුණු කොරියාවේ සිදු වූ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවත් ගින්නෙන් ගොඩනැඟිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 130කට වැඩි ප්‍රමාණයක් යොදා ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.