තාත්තා කෙනෙකුටත් දුවෙකුටත් මරු කැඳවූ මාරක අනතුර - තුවාල ලැබූ හිටපු හමුදා සෙබළා කියූ කිළිපොලා යන කතාව මෙන්න..
කතරගම ගොස් පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ඊයේ (15) වැනිදා අලුයම එකයි තිහට පමණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී පෙරළි යාමෙන් පියෙකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම, රේරුකාන, නාමලුවේ එච්. එම්. සමන් කුමාර හා ඔහුගේ දෙවැනි දියණිය වූ නෙහාරා ඔකිත්මා වයස අවුරුදු 4ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ. මව පියා ඔවුන්ගේ දරු දෙදෙනා හා හිටපු සෙබළෙකුද අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය පවසනවා.
සිදුවූ අනතුරින් සමන් කුමාරගේ බිරිඳ, වැඩිමහල් දියණිය සහ මෝටර් රථයේ ගමන් ගත් හිටපු හමුදා සෙබළෙකු තුවලා ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙම පිරිස කතරගම ගොස් බණ්ඩාරගම නිවස දක්වා පැමිණෙමින් සිටියදී අලුයම එකයි තිහට පමණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍ර දේශයේදී රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් නැවත මාර්ගයට පැමිණ තුන්වතාවක් පෙරළිමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ මියගිය සමන් කුමාරයි. වම්පස අසුනේ තුවාල ලැබූ හමුදා සෙබළා සිට ඇති අතර, පිටුපස අසුනේ මවගේ උකුළ මත මියගිය කුඩා දැරිය සහ අනෙක් දැරිය නින්දේ පසුවී ඇතැයි පොලිසිය සඳහන් කළා. සිදුවූ අනතුරත් සමඟම කුඩා දැරිය මෝටර් රථයෙන් ඉවතට විසි වී ඇති අතර පියා සහ එම දියණිය එම ස්ථානයේදී ම මියගොස් තිබෙනවා. අන් අය රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. තුවාල ලැබූ හිටපු හමුදා සෙබළා මෙසේ සඳහන් කළා.
“සමන් අයියා තමයි වාහනේ අරගෙන ආවේ. මම ආවේ වම්පස අසුනේ. එකපාරම කාර් එක රෝන් සයිඩ් ගියා. මම සමන් අයියේ සමන් අයියේ කියලා කිව්වා. ඒ එක්කම කාර් එක පෙරලුණා. මට හිතාගන්න බැරිවුණා මොනවද වුණේ කියලා. මම කාර් එක ඇතුළේ හිරවෙලා හිටියේ. පොලිසියේ මහත්වරුන් ඇවිල්ලා තමයි මාව එළියට ගත්තේ...“
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |