මෙරට ක්‍රිකට් ලෝලීන් කුල්මත් කරන නවතම ආරංචිය මෙන්න... (PHOTOS)
දකුණු අප්‍රිකානු " ඒ " ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.
අප වාර්ථාකරු සදහන් කළේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දින උදෑසන 08.20 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.
මෙම කණ්ඩායම පල්ලෙකැළේ හි පැවැත්වෙන එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ද සහභාගී වීමට නියමිතස තිබෙනවා.


