සෝනියා ගාන්ධි හදිසියේම රෝහල්ගත කරයි..

By krishani Sep 03, 2023 02:19 PM GMT
Report

ඉන්දීය කොංග්‍රස නායිකා සෝනියා ගාන්ධි රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස ඇය රෝහල්ගත කර ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ය.

ඒ අනුව දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහල වෙත සෝනියා ගාන්ධි ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කළේ උත්තර් ප්‍රදේශ් හි සිදුකළ සංචාරයකින් අනතුරුව 76 හැවිරිදි වියේ පසුවන සෝනියා ගාන්ධි රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි.