භාණ්ඩ කිහිපයක මිළ වැඩිවෙයි? භාණ්ඩ හිගයක්

Economy Bandula gunawardhana
By Sithumi Sep 10, 2021 04:14 PM GMT
Sithumi

Sithumi

Report

ගෝලීය හදිසි තත්වය මත මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස හදිසි නොවන භාණ්ඩ ආනයනයට කොන්දේසි පැනවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම මෙමගින් අදාළ භාණ්ඩ වල මිල වැඩිවීමක් හෝ හිඟ වීමක් සිදු නොවන අතර විනිමය පාලන ක්‍රමවේදයක් ලෙස පමණක් අදාළ තීරණය ගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පවතින මූල්‍ය අර්බුදය හමුවේ විනිමය අනුපාතිකයේ ස්ථාවරයභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකු මුදල් මණ්ඩලය හදිසි නොවන භාණ්ඩ ආනයනයට මෙලෙස කොන්දේසි පනවනු ලැබූවා.

ඒ අනුව මුදල් මණ්ඩලය තීරණය කළේ, ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසිය යටතේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමටයි. මේ අනුව යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම ආනයනකරු විසින් වාණිජ බැංකුවක තැන්පත් කළයුතුයි.

ජංගම දුරකථන, විදුලි පංකා, රූපවාහිනී, ශීතරකණ, රෙදිපිළි සහ උපාංග, වායු සමීකරණ, චොක්ලට්, ඇපල්, මිදි, දොඩම්, මෝල්ට්, චීස්, බටර් මෙන්ම මත්පැන් වර්ග සහ දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ලිපි ද්‍රව්‍ය වැනි භාණ්ඩ 623ක් ඒ අනුව අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ ලෙස මහ බැංකුව දක්වා තිබුණා.

මෙමගින් විවිධ ක්ෂේත්‍රවල නිරත වන පුද්ගලයන්ගේ ඉපැයීම් සඳහා බලපෑම් එල්ල වන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවසන්නේ සියයට සියයක මුදල් තැන්පතු අවශ්‍යතාවය ඉටු කරමින් සිය ව්‍යාපාරික කටයුතු සිදු කිරීම අපහසු වනු ඇති බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now