සමාජ ක්‍රියාකාරිනී රසිකා කෝරළගේ නිවසටත් වෙඩි ප්‍රහාර 5ක්

Report

ගනේමුල්ල පොලිස් වසමේ අමුණුගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (11) දින රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලැබී ඇති තොරතුරු මත සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ ගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

මෙහිදී වෙඩි ප්‍රහාර පහක පමණ සලකුණු නිවෙසේ සහ ගේට්ටුවේ දක්නට ඇති බව පවසයි. සමාජ ක්‍රියාකාරීනි රසිකා කෝරළගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඒ අනුව ඇය පවසා ඇත්තේ පෙරේදා (11) රාත්‍රී 11.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් තම නිවස ඉදිරිපිට යතුරුපදිය රේස්කරන හඬ ඇසුණු බවයි.

එසේම එම අවස්ථාවේ දී යම් පිපිරුම් ශබ්ද කිහිපයක් තමන්ට ඇසුණු බවත් ඇය පවසා ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එසේ වුවද ඒ පිළිබඳව තමන් වැඩි අවදානයක් යොමු නොකළ බවත් අද (13) දහවල් අසල්වැසි නිවසක සිටි අයෙක් විසින් නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැක පැවසීමෙන් පසු ඒ පිළිබඳව ගනේමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්