සුන්දර ක්‍රිකට් තාරකාවිය ස්මෘති මන්ධනාගේ ප්‍රියතම ආහාරය හෙළි කරයි - “මට ඒක පාලනය කරගන්න බැහැ”

Report

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක වන ස්මෘති මන්ධනා ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වීමට අමතරව ආහාරවලටද දැඩි කැමැත්තක් දක්වන බව ඇයගේ පැරණි සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබේ.

ඇය සඳහන් කර ඇත්තේ තම දැඩි ආහාර පාලනය අතරතුරදී පවා අත්හැරීමට අපහසු වී ඇති (ඉන්දියාවේ එක් වීදි ආහාරයක්) ලෙස ‘බෙල්’ Bhel හඳුන්වා දිය හැකි බවයි. “ඒක මගේ දුර්වලකමක්. මට ඒක මඟහරින්න බැහැ” යන අදහසින් ඇය බෙල් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් සැර රසට වඩා තරමක් පැණි රසට බර ‘මීතා බෙල්’ වර්ගයට තමන් වැඩි කැමැත්තක් දක්වන බවද මන්ධනා පවසා ඇත. “මම මාර්වාඩි කෙනෙක්. ඒ නිසා මට සැර ටිකක් අඩුවෙන් තමයි අවශ්‍ය,” යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

ලංකාවෙ රන් සිහිනය සුන් වෙයි - කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩ දෙවන රන් පදක්කමත් ඉන්දියාවට

ලංකාවෙ රන් සිහිනය සුන් වෙයි - කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩ දෙවන රන් පදක්කමත් ඉන්දියාවට

තම උපන් ප්‍රදේශයේ බෙල් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් ඇති බවත්, තමන් කුමන ආහාර පාලන ක්‍රමයක් අනුගමනය කළද එම ස්ථානය අසලින් යන සෑම අවස්ථාවකම බෙල් ආහාරයට ගැනීමට ඇති ආශාව පාලනය කරගැනීමට අපහසු බවත් ඇය හෙළි කර ඇත.

එමෙන්ම, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංග්ලිහි පිහිටි ‘Sambha Bhel’ නම් ස්ථානයේ බෙල් තමන් විශේෂයෙන් ප්‍රිය කරන බවද මන්ධනා වෙනත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඇය විහිළුවට මෙන් සඳහන් කර ඇත්තේ ක්‍රීඩාංගණයේදී පවා බෙල් තිබුණහොත් තරගයකට පෙර එය ආහාරයට ගන්නා ආකාරය දැකගත හැකි වනු ඇති බවය.

කෙසේ වෙතත්, එවැනි කලාතුරකින් සිදුවන ආහාර රසවිඳීම් හැරුණු විට ස්මෘති මන්ධනා සිය ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා දක්ෂතාව පවත්වා ගැනීම සඳහා දැඩි ආහාර හා ව්‍යායාම රටාවක් අනුගමනය කරන බව සඳහන් වේ.

මස් ආහාරයට නොගන්නා ඇය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ප්‍රෝටීන් ෂේක්, බිත්තර සහ සෝයා බෝංචි වැනි ආහාරවලට වැඩි අවධානයක් යොමු කරන බවද වාර්තා වේ.   

“මේ ජයග්‍රහණය මගේ පවුල වෙනුවෙන් කැප කරනවා” - ලොවම වසඟ කළ මන්දනා සුපිරි ශතකයෙන් පසු කියයි

“මේ ජයග්‍රහණය මගේ පවුල වෙනුවෙන් කැප කරනවා” - ලොවම වසඟ කළ මන්දනා සුපිරි ශතකයෙන් පසු කියයි