ස්මිත් ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කරයි..
ඔස්ට්‍රෙලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයෙන් ලකුණු 10,000 සීමාව අත්පත් කරගත් ලොව පස්වැනි වේගවත් ම පිතිකරුවා බවට අද (29) පත් වුණා.
ඒ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වෝර්න් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගයට එක්වෙමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කරගැනීමට සමත් වීමත් සමග යි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත් අතර එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය යොමු කළ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා ගනිමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කළා.
ස්ටීවන් ස්මිත් මෙම දක්ෂතාව පෙන්නුම් කිරීමට ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ඉනිම් 205ක් වැය කර තිබෙනවා.
ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කර ඇති ස්මිත් එහිදී විශිෂ්ට ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ද ලබා ඇත්තේ සිය පිතිකරණයේ සාමාන්‍යය 53.55ක් බවට පත් කරගනිමින්.
ලංගම සභාපතිත් ගෙදර යයි...ආණ්ඩුවට මොකද වෙන්නේ..මේ ධූරයෙන් ඉල්ලා අස්වූ නව පත්වීම් වල දෙවෙනි සභාපතිවරයා....
ස්මිත් ටෙස්ට් පිටියක ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 239 වනවා.
පන්දු 18672කට මුහුණ දී ඇති ස්මිත්ට අමතර ව ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කළ ලැයිස්තුවේ මුලසුන හොබවන්නේ ඉන්දීය (හිටපු) සචින් තෙන්දුල්කාර්, රිකී පොන්ටින්ග්, ජැක් කාලිස්, රාහුල් ඩ්‍රාවිඩ්, ජෝයි රූට්, ඇලෙස්ටෙයාර් කුක්, කුමාර් සංගක්කාර, බ්‍රයන් ලාරා, ශිවරින්ග් චන්ද්‍රපෝල්, මහේල ජයවර්ධන, ඇලර්න් බෝඩර්, ස්ටීව් වූෆ්, සුනිල් ගවස්කාර්, යුනිස් ඛාන් වනවා.
ස්මිත් මෙම ලැයිස්තුවේ පසුවන්නේ 15 වැනි ස්ථානයේයි.
You may like this video