ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන ඇහෙන අලුත්ම කතාව..

Report

දසවසරකට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කර මේ වන විට ස්ථාන මාරු නිර්දේශ වී සිටින බොහෝ ගුරුවරුන් එම පාසල්වලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්ථාන මාරු ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල ඇතැම් ගුරුවරුන් වන අතර මේ නිසා වෙනත් පාසල්වලින් එම පාසල්වලට පැමිණෙන ගුරුවරුන්ට ද වැඩ භාර නොදෙන තත්ත්වයක් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ජනපති පවා කලබල කළ..තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහතට ඇද දැමු DeepSeek..

නව ජනපති පවා කලබල කළ..තාක්ෂණික සමාගම්වල කොටස් තියුණු ලෙස පහතට ඇද දැමු DeepSeek..

මෙලෙස වැඩි වශයෙන් මුලින්ම ස්ථාන මාරු ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරුන් ය.

එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුව ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට වාරයේ මුල සිට උගන්වන ගුරුවරුන් අතරමැද මාරු කිරීම යෝග්‍ය නොවන හෙයිනි.

එහෙත් ඉහත ආකාරයට ස්ථාන මාරු භාර නොගන්නා ගුරුවරුන් දරුවන්ට දැඩි අසාධාරණයක් කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනියම් පෙම් රස විදින්න ගිය හැට හැවිරිදි පුද්ගලයාට නොහිතු ප්‍රහාරයක්..

අනියම් පෙම් රස විදින්න ගිය හැට හැවිරිදි පුද්ගලයාට නොහිතු ප්‍රහාරයක්..

ස්ථාන මාරු ලැබී තිබියදීත් ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ගුරුවරුන්ට හැකි වී ඇත්තේ අදාළ පාසල්වල විදුහල් ප්‍රධානීන්ගේ ද සහය ලැබෙන නිසා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.

මෙම ගැටලුව මත ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු යැයි ද ප්‍රධාන පෙළේ පාසල්වලට දුෂ්කර පාසල්වලින් පැමිණෙන ගුරුවරුන්ට මේ නිසා අවස්ථාව නොලැබෙන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

You may like this video