ගුවන් යානයක් කාර් රථයක් මත කඩන් වැටිලා

Report

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බ්‍රෙවර්ඩ්හිහි I-95 අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ ටොයෝටා කැම්රි වර්ගයේ මෝටර් රථයක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැදී වාර්තා වේ.

එමෙන්ම මෙම අනතුර සටහන් වූ වීඩියෝවක් මත එරට මාධ්‍ය පවසන්නේ යානයේ 27 හැවිරිදි නියමුවා සහ ඒ හා සමාන වයසේ පසු වූ ඔහුගේ මගියා කිසිදු තුවාලයකින් තොරව අනතුරෙන් ගැලවීමට සමත් වූ බවයි.

ලංකාවට සුභම සුභ ආරංචියක්

ලංකාවට සුභම සුභ ආරංචියක්

වැඩිදුරටත් ෆ්ලොරිඩා අධිවේගී මාර්ග මුර සංචාරක අංශය සඳහන් කළේ, කැම්රි මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබුණද මෙම සිදුවීමෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි. 

බ්‍රෙවර්ඩ් ප්‍රාන්ත ගිනි නිවීම් හා ගලවා ගැනීමේ ඒකකයට අනුව, මෙම ගුවන් යානය කාර්යබහුල අධිවේගී මාර්ගය මතට බලහත්කාරයෙන් ගොඩබැසීමක් සිදු කර ඇත. මෙලෙස හදිසි ගොඩබෑමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව එරට මාධ්‍ය පවසයි.

බස් වල යනවද ප්‍රවාහන සේවයට මේකයි වෙන්නේ

බස් වල යනවද ප්‍රවාහන සේවයට මේකයි වෙන්නේ