කැළඹුණු කාලගුණය නිසා හදිසි ආරක්ෂක නිවේදනයක් - මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්

Report

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කර ඇත. ඒ ඇතිවිය හැකි අහයපත් කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනය කරමින්.

ඒසේම දිවයිනට බස්නාහිර දෙසින් ඊයේ (31) රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම නිසා, දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබෙනවා.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත.

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එබැවින් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ සහ කළුතර (බේරුවල දක්වා) වන මුහුදු ප්‍රදේශවල වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා යළි දන්වන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැකි අතර, ඒ සමඟ මුහුදු රළ ඉහළ යාම කුඩා යාත්‍රාවලට දැඩි තර්ජනයක් විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර ඇත.

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා ඇත්තේ මේ වන විටත් මුහුදු ගොස් සිටින කුඩා සහ එක්දින ධීවර යාත්‍රා ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ගොඩබිම වෙත පැමිණෙන ලෙසයි.

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

ඔහු වැඩිදුරටත් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ රාත්‍රි කාලයේදී සුළඟේ වේගය තවදුරටත් ඉහළ යා හැකි බැවින් කිසිදු හේතුවක් මත අනවශ්‍ය අවදානමක් නොගන්නා ලෙසයි.

එසේම පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ධීවර හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මඟින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.  

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

[