අවුරුදු සමයේ ලංගම ආදායම මිලියන 1,000 පනී
පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ආදායමක් උපයා ඇති බව එම මණ්ඩලය පවසයි.
මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි දිනවලදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දත් සමඟ ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවා තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, මහනුවර ශ්‍රී දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන්ද විශේෂ බස් සේවාවක් පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.