සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

Report

සියලුම සබන්, ෂැම්පු සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ (SLS) ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණද, සබන් නිෂ්පාදන සමාගම්වල බලපෑම හේතුවෙන් එම යෝජනාව කල් දමා ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව, මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන ළදරුවන් සඳහා වන සබන්වල TFM (Total Fatty Matter) අගය 78ක් විය යුතු බව සඳහන් වේ.

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

මේ අතර, පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන් යුත් සබන් මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම වෙනුවෙන්, නිසි TFM අගය සහිත සබන් නිෂ්පාදනය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වසරකට පමණ පෙර සැලසුම් කර තිබිණි.

ඒ සඳහා යෝජිත කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටද නියමිතව තිබූ නමුත්, ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදකයින් කිහිප දෙනෙකු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව මාර්ග නාම පුවරු සඳහා SPA අනුග්‍රහය..

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව මාර්ග නාම පුවරු සඳහා SPA අනුග්‍රහය..

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න