පොහොට්ටුව පක්ෂ තුනක ප්‍රබලයෝ එක්ක විශේෂ සාකච්ඡාවක් - තවත් දේශපාල හැරවුමක්ද?

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිට පසුව කාලයක් පක්ෂය හැර ගොස් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂවල නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවාත්වා ඇත.

ඒඅනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා යන අය සමඟ මෙම විශේෂ සාකච්ජාව සඳහා එක් වූ බව සඳහන්.

මෛත්‍රී වික්‍රමසිංහටත් FCID යෙන් දැනුම්දීමක්

මෛත්‍රී වික්‍රමසිංහටත් FCID යෙන් දැනුම්දීමක්

එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ජා කළ බවයි.

එම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් ඉකුත් වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පවත්වා තිබුණා.   

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

අනුර පාර්ලිමේන්තුවට ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ්ව ගෙනාවා - ගෙදර නෝනා එක්ක ඔරොප්පු වෙලා අපෙන් අල්ලන්න එපා

අනුර පාර්ලිමේන්තුවට ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ්ව ගෙනාවා - ගෙදර නෝනා එක්ක ඔරොප්පු වෙලා අපෙන් අල්ලන්න එපා