ක්‍රිකට් පුහුණුකරුවන් 35කගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවයි

Report

 අසාධාරණයට ලක්වූ බවට චෝදනා ජාතික, ප්‍රාදේශීය සහ පාසල් මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවන් 35 දෙනෙකුට ආසන්න පිරිසකගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් එකවරම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

වසර 20කට ආසන්න දීර්ඝ කාලයක් පුරා ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකිරීමට දායක වූ ප්‍රමුඛ පෙළේ පළපුරුදු පුහුණුකරුවන් කිහිපදෙනෙකු ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වේ.

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

නව බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පවසන අදාළ පුහුණුකරුවන්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, ප්‍රධාන විධායක නිලධාරී (CEO) සහ ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත්ත ද මෙතෙක් කිසිදු යහපත් සාධාරණ ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව පිළිබඳව විශේෂ හෙළිදරව්වක්

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව පිළිබඳව විශේෂ හෙළිදරව්වක්

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ජාතික මට්ටමේ තේරීම් තරගාවලි අතරතුර මෙලෙස එකවරම පුහුණුකරුවන්ගේ සේවය අත්හිටුවීම හේතුවෙන්, තරගාවලි සංවිධානයට මෙන්ම නැගී එන ක්‍රීඩකයින්ගේ ඉදිරි ක්‍රිකට් අනාගතයට ද දැඩි බලපෑමක් සිදුවන බව පීඩාවට පත් පුහුණුකරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.