“iPhone 300ක් නොමිලේ දෙන්න හදන පන්ජාබ් ව්‍යපාරිකයා” - හැබැයි iPhone 17 හෝ ඊට ඉහළ මාදිලි පමණයි

By Malith Madushan Sep 18, 2026 11:09 AM GMT
Report

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන රකේෂ් ට්‍රෙහාන් විසින් ජනප්‍රිය ‘ලංගර්’ සංකල්පය යොදා ගනිමින් නොමිලේ iPhone බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.

‘රාජා ඩී කිං’ ලෙස ජනප්‍රිය රකේෂ් ට්‍රෙහාන් පවසන්නේ ‘iPhone Langar’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන සැප්තැම්බර් 22 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිත බවයි.

මාධ්‍ය සහ මහජනතාව ඉදිරියේ සජීවීව මෙම iPhone බෙදාදීම සිදුකරන බව ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මෙහිදී iPhone 16 නොව, iPhone 17 සහ ඊට ඉහළ මාදිලි පමණක් ලබාදෙන බවද ඔහු පවසා තිබේ.

මෙම වැඩසටහන පිළිබඳ නිවේදනය පසුගිය අගෝස්තු මාසයේදී සිදුකර තිබූ අතර, ඉන්දියාවේ iPhone 18 අලෙවිය ආරම්භ වූ සිකුරාදා දිනයේදී එය පැවැත්වෙන දිනය තීරණය කර තිබේ. ට්‍රෙහාන් සඳහන් කරන්නේ මෙම වැඩසටහන වෙනුවෙන් WhatsApp සමූහයක්ද නිර්මාණය කර ඇති බවයි.

ජයග්‍රාහකයින් ලෙස තෝරාගන්නා පුද්ගලයින්ට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් iPhone එකක් දිනාගෙන ඇති බව දැනුම් දීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා ඇති එකම සුදුසුකම ලෙස ඔහු පෙන්වා දෙන්නේ WhatsApp සමූහයේ සියලුම සාමාජිකයින් ‘Jai Mata Di’ යන වචන ලිවිය යුතු බවයි.

එම වචන ලියා ඇති පිරිස අතරින් ජයග්‍රාහකයින් තෝරාගන්නා බවද ඔහු සඳහන් කර තිබේ. මුලින්ම චන්දිගාර්හිදී iPhone 100ක් සහ මොහාලිහිදී iPhone 200ක් බෙදාදීමට සැලසුම් කර තිබූ බව ට්‍රෙහාන් පවසා ඇත.

''ලක්ෂ 8ක අල්ලස ගද්දී සේරම කැමරාවට මට්ටු'' - බැංගලෝරයේ උපායට අසුවුණු නිලධාරියා ලෝකයටම පාඩමක්''

''ලක්ෂ 8ක අල්ලස ගද්දී සේරම කැමරාවට මට්ටු'' - බැංගලෝරයේ උපායට අසුවුණු නිලධාරියා ලෝකයටම පාඩමක්''

මේ වනවිට තමන් iPhone 17 දුරකථන 100ක් සඳහා ඇණවුම් කර ඇති බවත්, ඉදිරියේදී දුරකථන 1,000ක් දක්වා බෙදාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් ඔහු කියා සිටී.

මූල්‍යමය සීමාවක් නොමැති බැවින් මෙම වැඩසටහන ඉදිරියේදී තවත් පුළුල් කරන බවද ට්‍රෙහාන් සඳහන් කර තිබේ. iPhone බෙදාදීම ක්‍රමයෙන් සිදුකරන බවත්, එමඟින් වැඩසටහන අවභාවිත වීම වැළැක්වීමට සහ විනිවිදභාවය සහතික කිරීමට හැකිවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති ට්‍රෙහාන්ගේ නවතම වැඩසටහන මෙය වන අතර, මීට පෙර තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජනතාවට නොමිලේ ඉන්ධන ලබාදීමේ ‘Petrol Langar’ වැඩසටහනක්ද ඔහු සංවිධානය කර තිබිණි.

එහිදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා රුපියල් 500කද, මෝටර් රථ සඳහා රුපියල් 1,000කද වටිනා ඉන්ධන කූපන් ලබාදීමට කටයුතු කර තිබූ බව සඳහන් වේ.

ඊට පෙරද චන්දිගාර්හි දේවාලයක් ඉදිරිපිටදී ජනතාවට රුපියල් 500 නෝට්ටු බෙදාදීමේ වෙනස් ආකාරයේ ‘ලංගර්’ වැඩසටහනක් ට්‍රෙහාන් විසින් සංවිධානය කර තිබුණි.

පාකිස්තාන රජයෙන් රාජ්‍ය වියදම් කපාහරින දැඩි තීරණ රැසක් - හේතුව ලෝක තෙල් අර්බුදයද?

පාකිස්තාන රජයෙන් රාජ්‍ය වියදම් කපාහරින දැඩි තීරණ රැසක් - හේතුව ලෝක තෙල් අර්බුදයද?