මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් වන බවයි.
ඒ අනුව ඇය මේ බව පැවසුවේ, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ වතු පාසල් සංවර්ධන වැඩමුළුව සඳහා එක්වූ විටදීයි.
මෙම වැඩමුළුව සිසුන් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමේදී වතු ආශ්‍රිත පාසල් මුහුණ දෙන දුෂ්කරතා සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගනිමින්, වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන සැලසුම් සකස් කිරීම අරමුණු කරගෙන පැවැත්වුවා.
එසේම එහිදී වතු ආශ්‍රිත පාසල් සංවර්ධනය කිරීමට නව ව්‍යාපෘති දියත් කිරීම, ජාතික ක්‍රමෝපාය සහ සැලසුම් දෙපාර්තමේන්තුවේ (NPD) ආකෘතියට අනුව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම, වෘත්තීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය යන කරුණු මුල්කර කර ගත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැමිණ සිටි නිලධාරින් දැනුම්වත් කිරීම ද සිදු කර ඇත.
ඊට අමතරව මෙහිදී වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ද විමසීමට ලක් විය.
එමෙන්ම ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් 34 ක් සඳහා නව පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම, පාසල් 23ක් සඳහා ආරක්ෂක බිත්ති ඉදිකිරීම වැනි වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමද මෙහිදී සිදු විය.
එසේම ගුරු හිඟය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ශිෂ්‍ය සුබසාධනය වැනි ක්ෂේත්‍ර සංවර්ධනය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කෙරුණා.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ සෑම ක්ෂේත්‍රයක් තුළම මලයගම් ප්‍රජාව, ප්‍රජාවක් ලෙස ඉදිරියට යා යුතු බව රජය විශ්වාස කරන බවයි.
එසේම වතු ආශ්‍රිත ප්‍රදේශවලින් දෙමළ මාධ්‍ය ගුරුවරුන් වැඩි ප්‍රමාණයකින් බඳවා ගැනීමේ සැලැස්මක්ද සම්පාදනය කර ඇති බැවින්, ඒ සඳහා එම ප්‍රදේශ ආශ්‍රිතව ගුරු විද්‍යාල සංවර්ධනය කළ යුතු බවත්, කොටගල ගුරු විද්‍යාලය ගොඩනැඟීම එම කර්තව්‍යයේ මූලික අරමුණක් බවත් ප්‍රකාශ කළා.