එල්නිනෝ හේතුවෙන් දරුණු අවදානම් තත්ත්වයක් - ආහාර මිලට වෙන්න යන දේ මෙන්න

Report

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඉදිරියේදී ආහාර මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවයි.

ජූලි මාසයේදී සියයට 6.3ක්ව පැවැති කොළඹ ආහාර මිල උද්ධමනය, පසුගිය අගෝස්තු මාසය වන විට වාර්ෂික පදනම මත සියයට 8.5 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි නිශ්චිත ආර්ථික හෝ කෘෂිකාර්මික අලාභය මේ අවස්ථාවේ ගණනය කළ නොහැකි අතර, එය ඉදිරි මහ කන්නයේ වර්ෂාපතනය, වගා බිම් ප්‍රමාණය සහ ගොවීන්ට ලැබෙන උපකාර මත තීරණය වනු ඇත.

එසේම එළැඹෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර නිවෙස්වල පවතින ආහාර තොග පහළ යා හැකි බැවින්, එම කාලසීමාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ මිල ගණන් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව ද FAO සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්