"ඉන්දියාවේ යන්න තියෙනවා චූඩා මාණික්‍යයක් පලඳවන්න තියෙනවා" – නාමල්ගේ ඇප හේතු අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි
Airbus අල්ලස් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 29 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේය.
විත්තිය ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු: ඉන්දීය සංචාරය: ඉන්දීය රජයෙන් ලැබී ඇති ආරාධනාවකට අනුව එහි සංචාරය කිරීමට නියමිතව තිබුණද, රඳවා තබා ගැනීම නිසා එය අවලංගු වන බව ජනාධිපති නීතිඥ ශමින්ද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
ආගමික උත්සවය: හිඟුරක්ගොඩ ඇසළ පෙරහැර සමයේ සැප්තැම්බර් 26 වනදා පැවැත්වෙන චූඩා මාණික්‍යයක් පැළඳවීමේ පුණ්‍යකර්මයකට සහභාගී වන ලෙස විහාරාධිපති හිමියන් ආරාධනා කර ඇති බැවින් ඊට සහභාගී නොවී සිටීම අගෞරවයක් වන බව සඳහන් කළේය.
Airbus ජාත්‍යන්තර විමර්ශන වාර්තාවේ නාමල් රාජපක්ෂ මහතාගේ නම නොමැති බවත්, ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවත් විත්තිය තර්ක කළේය.
අල්ලස් කොමිසම නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඉන්දීය සංචාරය හෝ ආගමික උත්සව ඇප ලබාදීමට තරම් "විශේෂිත තත්වයන්" ලෙස සැලකිය නොහැකි බවයි.
සැප්තැම්බර් 22 වනදාට පෙර විත්තියටත්, සැප්තැම්බර් 25 වනදාට පෙර අල්ලස් කොමිසමටත් ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැප්තැම්බර් 29 වනදා දක්වා නාමල් රාජපක්ෂ මහතා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.