පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - හෙට 7 සිට වලංගුයි
හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් පිළිබඳව පොලිසිය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයෙන් පොලිසිය සඳහන් කරනුයේ බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර හෙට (19) දින රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි.
එබැවින් පෙරහැර හලාවත - කුරුණැගල මාර්ගයේ ගමන් ගන්නා බැවින් එම කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන
අඳාළ විකල්ප මාර්ග සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,