ශතකය ලබාගත් අභිෂේක් පිටිය මැද ‘භාවනා’ කරයි - වාර්තා බිඳ දමමින් අභිෂේක්ගෙන් සුපිරි ශතකයක් [HIGHLIGHT VIDEO]

Report

ඉන්දීය පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම T20 ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් හිටපු නායක රෝහිත් ශර්මාගේ වාර්තාව බිඳ දැමූ අභිෂේක් ශර්මාගේ සුවිශේෂී සැමරුම සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව බ්‍රහස්පතින්දා (17) පැවති තෙවැනි සහ අවසන් T20 තරගයේදී අභිෂේක් ශර්මා පන්දු 30කින් ශතකය සම්පූර්ණ කරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් විය.

ඒ අනුව, 2017 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 35කින් ශතකයක් රැස්කර තිබූ රෝහිත් ශර්මා සතු වාර්තාව අභිෂේක් විසින් අභිබවා ගියේය. වමත් ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 34කදී ලකුණු 108ක් රැස්කළ අතර, එම ඉනිමට හයේ පහර 11ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

''පරාජයන් හමුවේ පරණ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ නසාර්ට යළි මතක් වෙයි'' - සංගාත් කානගාටු වෙයි

''පරාජයන් හමුවේ පරණ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ නසාර්ට යළි මතක් වෙයි'' - සංගාත් කානගාටු වෙයි

ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹයේ ප්‍රහාරක වේගය 317.64ක් ලෙස සටහන් විය. ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අභිෂේක් ශර්මා සිදුකළ ‘භාවනා’ ආකාරයේ සැමරුම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති අතර, එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

පන්දු 30කින් වාර්තා කළ මෙම ශතකය වේගවත්ම T20I ශතක ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. එස්තෝනියාවේ සහීල් චෞහාන් පන්දු 27කින්ද, තුර්කියේ මුහම්මද් ෆහාඩ් පන්දු 29කින්ද ශතක වාර්තා කර තිබේ.

මෙය අභිෂේක් ශර්මාගේ T20 ආකෘතියේ තෙවැනි ශතකය වන අතර, ඔහු මේ වනවිට අර්ධ ශතක 12ක්ද වාර්තා කර ඇත.

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ