බෙංගාල බොක්කේ කැළඹීමක් - ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් - දිවයිනටම දැනුම්දීමක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන ආකාරයට අද (18) දින නිකුත් කර ඇත.
ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.
ඒ අනුව සැලකිලිමත් වන්න යනුවෙන් දන්වා ඇති අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත්වලට උතුරින් පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.
එසේම එහි බලපෑම හේතුවෙන් හෙට (19) දින සිට ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩි විය හැකි බව සඳහන්.
ඒ අනුව පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව දන්වයි.
එබැවින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්