යාඥාව අතරතුර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - පාකිස්ථානයම අවුළමින් 17ක් ජීවිතක්ෂයට 40ට තුවාල
By Kaushi
වයඹදිග පකිස්ථානයේ පොලිස් මූලස්ථානයක් තුළ පිහිටි මුස්ලිම් පල්ලියකට අද(18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පළාත් පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් කොහාට්හි පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියක පිපිරීම සිදුවී ඇති බවත්, මියගිය අය අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකු සිටින බවත් සඳහන් කර ඇත.
ඒ අනුව සිකුරාදා යාඥාව අතරතුර, බැතිමතුන් පල්ලිය තුළ රැස්ව සිටියදී පිපිරීම සිදුවී ඇති බව සඳහන්.
එමෙන්ම හමීඩ් මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇත.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි