සුරේෂ් සලේගේ රිට් පෙත්සම ගැන තීන්දුවට දින නියම වේ

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන යටතේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය නොවැම්බර් මස 27 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (18) පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරිපත් කළ පිළිතුරු වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.

ඒ අනුව, අදාළ නඩුවට සම්බන්ධ ලිඛිත දේශන පවතින්නේ නම් ලබන ඔක්තෝබර් මස 20 වනදාට පෙර අධිකරණයට ගොනුකරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම සහ අතුරු සහන ඉල්ලීම් පිළිබඳ අවසාන නියෝගය නොවැම්බර් 27 වනදා නිකුත් කිරීමට නියම කළේය.

යාඥාව අතරතුර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - පාකිස්ථානයම අවුළමින් 17ක් ජීවිතක්ෂයට 40ට තුවාල

යාඥාව අතරතුර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - පාකිස්ථානයම අවුළමින් 17ක් ජීවිතක්ෂයට 40ට තුවාල