අධිවේගයේ යන සියලුම මගීන්ට විශේෂ නීතියක් - අද මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල ගමන් කරන සියලුම මගීන් සඳහා අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මේ පිළිබඳ නිල නිවේදනය නිකුත් කර ඇත.
අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරුවලදී මගීන්ට සිදුවන හානි සහ ජීවිත හානි අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවලට ඇතුළු වන සියලුම වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් ද ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය වන අතර, එම නීතිය උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.