සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශ‍යෙන් නිවේදනයක්

Report

සෞදි අරාබියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් නැමැත්තාට එරෙහිව අභියාචනාධිකරණය මඟින් මරණ දඬුවම නියම කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා පවසා ඇත්තේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වහා මැදිහත් වන ලෙසයි.

කෙසේ වෙතත් ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මඟින් අනෝජන්ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් මුලින් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මරණ දඬුවම නියම වී ඇති බව සඳහන්.

රටම කළඹමින් ශ්‍රී ලාංකිකයෙකුට සෞදි අරාබියේ මරණ දඬුවම නියම වෙයි.. පුතාව බේරා දෙන්නැයි මව හඬා වැළපෙයි

රටම කළඹමින් ශ්‍රී ලාංකිකයෙකුට සෞදි අරාබියේ මරණ දඬුවම නියම වෙයි.. පුතාව බේරා දෙන්නැයි මව හඬා වැළපෙයි

එබැවින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද (18) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සම්බන්ධ වෙමින් අනෝජන් සිවරාසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ අවශ්‍ය සහාය ලබා දීමට පියවර ගනිමින් සිටින බවයි.

එමෙන්ම මෙම අභියාචනා ක්‍රියාවලියේදී සිදුවූ අඩුපාඩු සහ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ශානක්‍යන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, චෝදනා සෙවීමට වඩා මේ මොහොතේ මූලිකත්වය දිය යුත්තේ අහිංසක ලාංකිකයෙකුගේ ජීවිතය බේරාගැනීමට බව අවධාරණය කර ඇත.

සෞදියේදී මරණ දඬුවම හිමිවූ ලාංකිකයා බේරාගන්න වහාම මැදිහත්වෙන්න - විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම ගැන ශානක්‍යන්ගෙන් තද ප්‍රශ්න කිරීම

සෞදියේදී මරණ දඬුවම හිමිවූ ලාංකිකයා බේරාගන්න වහාම මැදිහත්වෙන්න - විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම ගැන ශානක්‍යන්ගෙන් තද ප්‍රශ්න කිරීම

එනිසා වහාම අදාළ නඩු තීන්දුවේ සම්පූර්ණ පිටපත ලබාගැනීම, අත්දැකීම් සහිත ස්වාධීන සෞදි නීතිඥ සහාය ලබාගැනීම, මානුෂීය පදනම මත සමාව අයැදීමේ සියලු මාර්ගයන් වෙත යොමුවීම සහ විදේශ අමාත්‍යවරයා සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා සමඟ කෙළින්ම සාකච්ඡා කර ඉහළම රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් සිදුකිරීම වහාම කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

බෙංගාල බොක්කේ කැළඹීමක් - ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් - දිවයිනටම දැනුම්දීමක්

බෙංගාල බොක්කේ කැළඹීමක් - ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් - දිවයිනටම දැනුම්දීමක්