චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට - බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති
By Malith Madushan
චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ සඳහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් නිරීක්ෂණය වන බවයි.
ඇය මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.