සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරයි - රෙදි ගැළවෙන විඩීයෝවක් එළියට
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මෙසේ මන්ත්‍රී ධූර අහිමි වී ඇත්තේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන්ට බව වාර්තා වේ.
එමෙන්ම බුලත්සිංහල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී මෙම මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන තිබෙන බවට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව ඊට අදාළ සාක්ෂි ඇතුළත් වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබා දී ඇති බව සඳහන්.
අඳාළ වීඩියෝ සහ හඬ පටවල අදාළ මන්ත්‍රීවරුන්ගේ කටහඬවල් මඟින්ම මුදල් ලබාගත් බව තහවුරු වීම හේතුවෙන් මන්ත්‍රී ජගත් විතාන විසින් දිගින් දිගටම සිදුකළ විධිමත් පරීක්ෂණයකින් පසුව මෙම දැඩි තීරණය ගෙන ඇති බව සඳහන්.